කටුනායක ගුවන් තොටුපොළේ දී වැරදිලා ගිනි අවියක් පත්තු වෙලා..

Bandaranaike International Airport Gun Shooting Latest Headlines
By krishani Apr 30, 2024 02:13 PM GMT
Report

අද (30) කටුනායක ගුවන් තොටුපොළෙහි ප්‍රභූ පර්යන්තයේ රාජකාරියේ නිරත වූ ගුවන් භටයෙකුගේ ගිනි අවියක් අත් වැරදීමකින් පත්තු වී තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළේ දී වැරදිලා ගිනි අවියක් පත්තු වෙලා.. | A Firearm Was Fired At The Katunayake Airport

එම සිදු වීමෙන් පර්යන්තයේ වහළට හානි සිදු ව ඇති බව සඳහන් වේ.

මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජීවිතයකට හානි සිදු වී නොමැත.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, අද උදෑසන 10ත් 11ත් අතර කාලයේ දී මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා විය.