මින්පසු ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ සැපයීමේ සහ විකිණීමේ දඩය දසදහස් ගුණයකින් ඉහළට.

Dr Wijeyadasa Rajapakshe Ministry of Health Sri Lanka Sri Lanka Cabinet
By Wayomi Feb 04, 2024 11:08 AM GMT
Report

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ සැපයීම හෝ විකිණීම යන වරදට මෙතෙක් අය කළ සංශෝදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අනුව රුපියල් සියයේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමටයි තීරණය වී ඇත්තේ.

මෙහිදී යම් ඖෂධයක් නියමිත ගුණාත්මකභාවය අඩුවන පරිදි මිශ්‍ර කිරීම සහ ඒ බව දැනුවත්ව එම ඖෂධය බෙහෙත් ශාලාවකින් නිකුත් කිරීම යන වරදවල් වලට මෙතෙක් පැවැති දඩ මුදල වූයේ රුපියල් 100ක්.

මෙම නව පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.


                                                                              Sponsored By Sarrita Jewellery

මින්පසු ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ සැපයීමේ සහ විකිණීමේ දඩය දසදහස් ගුණයකින් ඉහළට. | A Fine Of Low Quality Medicine Is One Lakh