ප්‍රබලයින් 03ක් සජබයට පනී..
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු එක් වී තිබෙනවා.
ඒ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී වේ.
මෙලෙස සමගි ජන බලවේගයට එක්ව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් ය.
එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු කළ තිලක් මහලේකම්ගේ මහතා ද සමගි ජන බලවේගයට එක්විය.
තවද, ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි එච්. සමන්ත බණ්ඩාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගයට එක්ව තිබෙනවා.