දෙයියනේ.. මෙහෙම දෙයක් හිතන්නවත් පුලුවන් ද?. අවුරුදු 03ක් තම දියණියට පියෙක් කළ කැත වැඩේ..
වසර තුනක කාලයක සිට සිය දියණිය සමග ලිංගිකව හැසුරුණු මුලතිව් සෙල්වපුරම් ගම්මානයේ පියෙකු ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මුලතිව් පොලීසිය විසින් ය.
සැකකරු 34 හැවිරිදි වියේ පසුවන කම්කරුවකු වශයෙන් කටයුතු කරන පුද්ගලයෙක් ය.
සිය දියණිය මේ වන විට 11 වෙනි වියේ පසුවන පාසල් ශිෂ්‍යාවක් වන අතර ඇයට ඔහු වසර තුනක් තිස්සේ ලිංගික අතවර සිදුකොට ඇති බව වාර්තා වේ.
මොහු කම්කරු රැකියාවේ නිරතව දෛනිකව ලැබෙන කුළී මුදලෙන් මත්පැන් පානය කොට නිවසට පැමිණෙන බව සඳහන් වේ.
සිය දියණියව ඔහු විසින් මුලින්ම බියකොට ඇයව දූෂණය කොට ඇති බව වාර්තා වේ.
මූලික පරීක්ෂණවල දී හෙළිව ඇත්තේ පසුව දියණියගේ අකැමැතෙන් වුව ද වසර තුනක් තිස්සේ ඇයට ලිංගික අතවර සිදු කොට ඇති බවය.
මේ පිළිබදව මවට ඇති වූ සැකයක් මත ඇය විමසිල්ලෙන් සිටි විට දෙදෙනා ලිංගිකව හැසිරෙමින් සිටිය දී ඇගේ අතටම හසු වී ඇති බව සඳහන් වේ.
පසුව මේ පිළිබදව මුලතිව් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය විසින් ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කොට ඇත.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මුලතිව් පොලීසිය විසින් සිදුකරනු ලබයි.