පාසල් සිසුන්ගේ පහර කා මියගිය එක් දරු පියාගේ සිරුර අතුරුදන්. - (PHOTOS)
වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනකුගේ පහර කෑමට ලක්ව මියගිය එක් දරු පියාගේ මෘතදේහය තැන්පත් කර තිබු සොහොන හාරා ඇති බවට වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, මියගිය අයගේ බිරිඳ විසින් පැමිණිලි කර ඇත්තේ, මෘතදේහය තැන්පත් කර තිබු සොහොන හාරා තම ස්වාමිපුරුෂයාගේ හිස ඇතුළු කොටස් රැගෙන ගොස් ඇති බවටයි.
2023 වසරේ පෙබරවාරි මස 14 වන දින ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනෙක් සමඟ ඇතිවූ ආරවුලකදී හෙල්මට් ප්‍රහාරයකට ලක්ව සීදුව දොන් රංග විරාජ් ජයසිංහ නමැති 35 හැවිරිදි එක්දරු පියකු මියගිය අතර ඔහුගේ දේහය අධිකරණ නියෝගයකට අනුව වැලිපැන්න පොලිස් වසමේ ගල්මත්ත ,කුරුදිප්පිට සුසාන භුමියේ කොන්ක්‍රීට් දමන ලද වලක භූමදානය කරනු ලැබුවා.
අනතුරුව ඔහුගේ බිරිඳ සහ ඥාතීන් ඔහු වෙනුවෙන් ගුණානුස්මරණ පිංකම් පැවැත්වෙන දින වලදී සහ වෙනත් විශේෂ දිනවලදී එම සොහොන පවිත්‍ර කර පහන් දැල්වීම සිදුකර තිබෙනවා.
එලෙස මෙවර වෙසක් පොහොය වෙනුවෙන් ඔහුගේ සොහොන පවිත්‍ර කිරීමට පවුලේ ඥාති සොහොයුරන් දෙදෙනකු පැමිණි විට එම මිනී වල හරා තිබෙන බව දැක මියගිය අයගේ බිරිඳට දැනුම් දී ඇත.
පසුව මියගිය අයගේ බිරිඳ වන පී.දිල්හාරි ප්‍රසාංගිකා යන අය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර බලා වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
....................................................................
May you Like

