අවාසනාවන්ත ලෙස කාන්තාවකට දිවි අහිමි කළ මාරක රිය අනතුර.

Accident
By Wayomi Mar 14, 2024 07:19 AM GMT
Report

අද(14) උදෑසන 7.30 පමණ කිරිබත්ගොඩ, හුණුපිටිය වත්තල අලුත් පාරේ ලුම්බිණි විහාරය අසල මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී සිදු වූ මෙම අනතුර සිදුව ඇති අතර එහිදී මෝටර් රථය ධාවනය කරගෙන පැමිණි කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ, ජා - ඇල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් බවත් සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් කිරිබත්ගොඩ පොලිසියේ, රථ වාහන අංශයේ ස්ථානාධිපති "ගගන" ට සඳහන් කළා.