තවත් ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත් කරයි..
මෙරටදී නිෂ්පාදනය කෙරෙන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බවට වාර්තා වනවා.
ඒ, අදාළ ඖෂධයේ කාණ්ඩ 02ක් නිසි ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගැනීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රජයේ රෝහල් කිහිපයක භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ සාම්පල කිහිපයක් පරීක්ෂාවට ලක්කර තිබුණා.
එහිදී මෙලෙස ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
වෛද්‍ය සැපයුම් අංශය විසින් සියලු රෝහල් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ, අදාළ කාණ්ඩ 02ට අයත් ඇස්ප්‍රින් ඖෂධ සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.
මෙලෙස අදාළ කාණ්ඩ 02 රෝහල්වල භාවිතයෙන් ඉවත් කළ ද ඇස්ප්‍රින් ඖෂධයේ හිඟයක් රෝහල් තුළ නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සඳහන් කළේ.