ප්‍රසිද්ධ වෛද්‍යවරියක් මාළු කපන මන්නයකින් ගෙල කපා මරා දමයි.(PHOTOS)

Sri Lanka Police Attempted Murder Sri Lanka Accident
By Aruna Apr 28, 2023 07:20 AM GMT
Report

කළුතර සුප්‍රසිද්ධ පාරම්පරික වෙද පරම්පරාවේ කැඩුම් බිඳුම් ආයුර්වේද වෛද්‍යවරියක වන ‘කළුතර වෙද හාමිනේ’ නිවස පිටුපස මාළු කපන මන්නයකින් ගෙල කපා ඝාතනය කර ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.

කළුතර උතුර කැලිඩෝ පාරේ, පීරිස් මාවතේ පදිංචිව සිටි වික්‍රම පේඩිගේ ප්‍රේමවතී නමැති 68 හැවිරිදි කැඩුම් බිඳුම් වෛද්‍යවරියක වන දෙදරු මව මෙලෙස මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළා.

ඇය සිය දියණිය පදිංචි නිවසේ පදිංචිව සිටි බවත්, ඝාතනය සිදුවන මොහොතේ දියණිය සහ ඇයගේ දරු දෙදෙනා පමණක් නිවසේ සිට ඇති බවත් පොලිසිය කියා සිටියා.

මළසිරුර ඊයේ (27 දා) අලුයම 5 .00ට පමණ නිවස පිටුපස ගෙලෙහි කැපුම් තුවාල සහිතව වැටී සිටින අයුරු දියණිය දැක පොලිසිය දැනුවත් කර ඇත.

ඝාතනය සඳහා යොදාගත් බවට සැක ලේ තැවරුන මන්නා පිහිය මළසිරුර අසල වැටී තිබෙන අයුරු දැකගත හැකිවිය.

එම පිහිය ඇය පදිංචිව සිටි දියණියට අයත් නිවසේ මුළුතැන්ගෙයි මාළු මස් කැපීම සඳහා භාවිතා කළ එක බවද පොලිස් පරීක්ෂණවලදී අණාවරණය වී තිබේ.

කැඩුම් බිඳුම් වෙදකමට සුප්‍රසිද්ධ කළුතර වෙද හාමිනේගේ ගෙල කපා මරාදාලා ඇය පැළඳ සිටි රන් මුදුව හෝ නිවසේ වෙනත් සොරකමක් සිදුව නොමැති බවයි පොලිස් නිලධාරියෙක් කියාසිටියේ.

කළුතර සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත මහතා ස්ථානීය පරීක්ෂණය සිදුකළ අතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍ර.පො.ප. දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රූපසිංහ ඉන්ද්‍රජිත් මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery