කරාපිටියේ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස මියයයි. - (PHOTOS)
Sri Lanka Police
Mysterious Death
By Wayomi
කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, තලගහහේන පටුමඟ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රභාත් චාමර සම්පත් නැමති 37 හැවිරිදි පුද්ගලයෙක්.
එම වෛද්‍යවරයාගේ බිරිඳ ද කරාපිටිය රෝහලේම සේවය කරන වෛද්‍යවරියක් වන අතර සිදුවීම සිදුවු අවස්ථාවේදී වෛද්‍යවරිය නිවසේ සිට නොමැත.
මියගිය වෛද්‍යවරයාගේ දේහය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය අධිකරණ වෛද්‍ය ඒකකය වෙත යොමුකර ඇති අතර ගාල්ල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වනු ලබනවා.