තම මිත්තණියට පහර දුන් දොස්තර මුණුබුරා අත්අඩංගුවට..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 09, 2023 04:57 PM GMT
Report

තිස්සමහාරාම පොලිසිය විසින්, ඉඩම් ආරවුලක් මත සිය 93 හැවිරිදි මිත්තණියට පහර දුන් දොස්තර මුණුබුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉඩමක් ලියා නොදුන්නාට උරණ වි 93 හැවිරිදි මිත්තණියට පහරදී තුවාල සිදුකිරිම හා රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට බාධා කර සාපරාධී බහත්කාරය පෑ වරදටය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙබරවැව මුලික රෝහලේ බාහිර රෝගි අංශයේ කටයුතු කරන තිස්සමහාරාම,දියස්යාය පදිංචි වෛද්‍යවරයෙක් බවයි වාර්තා වන්නේ. සැකකාර වෛද්‍යවරයා ඉඩම් ආරවුලක් මුල්කරගනිමින් පසුගිය 07 වන දින සිය 93 හැවිරිදි මිත්තණියට පහරදී තුවාල සිදුකර තිබෙනවා.

තුවාල ලැබූ මිත්තණිය තිස්සමහාරාම පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ වෛද්‍යවරයා හමුවට ගිය අවස්ථාවේ දී ඔහු ඉතා පරුෂ වචනයෙන් පොලිස් නිලධාරීන්ට බැණ වැඳී ද තිබෙන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now