හදිසියේ වැටලූ නිවසක් තුළ තිබී කවුරුත් නොසිතූ දෙයක් හමුවෙයි..

Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Mar 03, 2024 10:42 AM GMT
Report

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්,  මාකොළ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා .

පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කලේ, දීර්ඝ කාලයක සිට නිවසක් තුල මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් මෙලෙස වැටලීමට සමත්වූ බවයි.

පොලිස්පතිවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ සපුගස්කන්ද පොලිස් වසමේ අංක 36, ෆාතිමා මාවත, මාකොළ යන ලිපිනයේ පිහිටි නිවසේ දී අදාළ වැටලීම සිදු කර ඇති බව සදහන්.

එහිදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා උපකරණ සහ ඒවා බෙදා හැරීම සදහා සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 20 ත් 52 අතර වයසේ පසුවන පුද්ගලයින් සිව් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා .

සපුගස්කන්ද පොලිස් ස්ථානය විසින්, එම පුද්ගලයින් කැළණිය, වත්තල, හෝමාගම සහ නෝටර්න්බීච් යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වනවා . මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා .