ටයිල් ගෙන්වීම සම්බන්ධයෙන් ගත් තීරණයක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Aug 26, 2022 02:29 AM GMT
Report

ආනයන සීමා යටතේ මෙරටට ගෙන්වීම මේ වනවිට තහනම් කර ඇති ටයිල් ඇතුළු ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු වර්ග රැසක් "කොන්දේසි සහිතව" ආනයනය කිරීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘති නොවන අනුමත සහාධිපත්‍ය ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, හෝටල් ව්‍යාපෘති සහ රජයේ ව්‍යාපෘති සඳහා අදාළ ආනයන කිරීමට අවසර හිමිවෙන අතර අදාළ උපාංග ගෙන්විය යුත්තේ සෘජුව හෝ වක්‍රව නැවත විකිණීම අරමුණින් නොවන බවට එම ගැසට් නිවේදනයේ සදහන් වෙයි.

මේ සඳහා සිදුකරන ගෙවීම් සඳහා දින 180ක කාලයක් යටතේ වන ණයවර ලිපි මගින් කළ යුතු අතර ඒ සඳහා ආනයන අපනයන පාලක, භාණ්ඩාගාර ලේකම්, මුදල් අමාත්‍යවරයාගේ අවසරය ලබාගැනීම වැනි කොන්දේසි ඇතුළත් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join