අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගැන එකවරම ගත්ත තීරණය මෙන්න..
Government Of Sri Lanka
Sri Lanka Food Crisis
Latest Headlines
Decision Making
By krishani
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ලබන 19 වනදා දක්වා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවි කළ යුතු ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් සම්බන්ධයෙන් ය.
එයට භාණ්ඩ වර්ග 11 ක් ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව තිරිගු පිටි කිලෝවක් රුපියල් 179 සහ 189 අතර මිලකටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 258 ත් 175 ත් අතර මිලකටත්, පරිප්පු කිලෝවක් රුපියල් 288ත් 302 ත් අතර මිලකට අළෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ ය.
එමෙන්ම, සුදු බිත්තරයක් රුපියල් 41 ත් 43 ත් අතර මිලකට සහ දුඹුරු බිත්තරයක් රුපියල් 45 ත් 47 ත් අතර මිලකට අළෙවි කළ යුතු බව ද සඳහන් වේ.