මාරාන්තික වෛරසයක් පැතිරී යයි.. - මෙරටින් ඇහෙන තවත් අවදානම් තත්ත්වයක සුලමුල..

Kilinochchi Virus Latest Headlines
By krishani Mar 04, 2024 06:52 AM GMT
Report

මේ දිනවල කිළිනොච්චියේ - ධර්මපුරම් ඇතුළු ප්‍රදේශ කිහිපයක ගවයින් අතර ගව වෛරසයක් පැතිර යයි.

මාරාන්තික වෛරසයක් පැතිරී යයි.. - මෙරටින් ඇහෙන තවත් අවදානම් තත්ත්වයක සුලමුල.. | A Deadly Plague Among Cattle

එම තත්ත්වය හේතුවෙන් ඊයේ (03) වනවිට ගවයින් රැසක් මියගොස් තිබෙනවා.

මෙහිදී කිළිනොච්චිය කණ්ඩාවලෙයි පශු වෛද්‍ය නිලධාරී එස්. නිරංජන් පැවසුවේ ගව වසූරිය රෝග ලක්ෂණ පහළ වෙමින් පවතින ගවයින් එන්නත්කරණයට ලක් කරගෙන යන බව ය.

ඒ මහතා කියා සිටියේ ගව වසූරිය වැළඳීමට පෙර ගවයින් ආහාර ගැනීම නවතා දමන බවත්, සිටිනා තැනින් ඉවත් වීමට කැමැත්තක් නොදක්වන බවත් ය.

පසුව ගවයින්ගේ සිරුර පුරා බිබිලි හට ගන්නා අතර දැඩි උණ තත්ත්වයක් දක්නට ලැබෙයි.

මෙම රෝගය වැළඳුණු හා රෝග ලක්ෂණ පෙන්නුම් කරන ගවයින්ට එන්නත් ලබාදීමට පියවර ගෙන ඇත.

අද ඇඟට දැනෙන දෙයක් වෙන්න යයි - මේ ගැනත් ඔබ දැනුවත් ද?.

අද ඇඟට දැනෙන දෙයක් වෙන්න යයි - මේ ගැනත් ඔබ දැනුවත් ද?.


නමුත්, එවැනි ගවයින්ට එන්නත් ලබාදීමෙන් රෝගය සුවකළ නොහැකි බව ධර්මපුරම් ප්‍රදේශයේ ගව පට්ටි හිමි පුද්ගලයින් කියා සිටියේ ය.

කෙසේ වෙතත්, පසුගිය වසරේ මෙම ප්‍රදේශවල ගවයින්ට වැළදුණු ගව වසූරිය රෝගය හේතුවෙන් ගවයින් 400කට වඩා වැඩි සංඛ්‍යාවක් මරණයට පත්ව තිබෙනවා.