මිය ගිය දර්ශනවාදීයාගේ දේශනවලට ගිය දෙදෙනක් මිය යයි - එක් සිරුරක් ලැගුම්හලකින් හමුවෙයි. - (PHOTOS)
අද (03) උදෑසන මහරගම දුම්රියපොළ පාරේ, ලැගුම්හලක තිබී යම් විෂ වර්ගයක් ආහාරයට ගෙන මියගිය බවට සැකකරන තරුණයෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ තිවොල්පුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි තරුණයෙක්.
ඔහු ඊයේ (02) සවස 1.30ට පමණ මෙම ලැගුම්හලට පැමිණ ඇති අතර සවස 6ට පමණ එම ස්ථානයෙන් පිටව යන බවට ලැගුම්හලට දැනුම්දී තිබෙනවා.
නමුත් ඔහු පිටව නොයෑම පිළිබඳ ඇති වූ සැකයක් පිළිබඳ කාමරය පරීක්ෂා කිරීමේ දී අදාළ තරුණයා ඇඳ මත වැටී සිටිනු දැක එහි සේවකයෙක් පොලීසියට ඒ බව දැනුම්දී ඇත.
පසුව මහරගම පොලීසියේ නිලධාරීන් හා නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයා, මීට පෙර හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටියදී විස ශරීරගතව මිය ගිය බව කියන දර්ශනවාදී දේශකයෙකු වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා ගේ දේශන වලට සහභාගී වෙමින් ලගින්ම ඇසුරු කළ අයෙක් බවයි.
මියගිය ස්ථානයේ තිබී ආහාරයට ගත් විෂ වර්ගය අඩංගු බෑගයක්, වතුර බෝතලයක් හා ජංගම දුරකථන දෙකක් පොලීසිය ඇත.
මේ අතර එලෙසම යක්කල රාසල් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවියක් ද වස පානය කර මියගොස් තිබෙනවා.
මොවුන් දෙදෙනාම දර්ශනවාදී දේශකයාගේ අවමංගල්‍ය කටයුතු සිදුකල මාලබේ පිට්ටුගල තුන්අදහේන ප්‍රදේශයේ නිවසේ නතර වී සිටිමින් අවමංගල්‍ය කටයුතු වලට සහභාගී වී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
...............................................................................................................
පසුගිය (31) වනදා මාලඹේ - පිට්ටුගල ප්‍රදේශයේ නිවසකදී මවක් සිය දරුවන් තිදෙනාට වස පානය කිරීමට දී තමන් ද වස පානය කර දිවි නසාගත් සිදුවීම වාර්තා වුණා.
ආගමික දේශන පවත්වන පුද්ගලයෙකු වන එම පවුලේ පියා ද පසුගිය 28 වනදා වස පානය කර දිවි නසාගෙන තිබු අතර ඔහුගේ ආදාහනයෙන් පසුදින පවුලේ අනෙක් සියලුදෙනාද දිවි නසාගෙන තිබූ අතර ඉහත සඳහන් කළ තරුණයා ශා තරුණියද ඔහුගේ අනුගාමිකයන් ද වනවා.
පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පවුල විදෙස්ගත වීමේ බලාපොරොත්තුවෙන් මීට මාස කිහිපයකට පෙර සිය දේපළ විකුණා හෝමාගම ප්‍රදේශයේ තාවකාලික පදිංචිය සඳහා පැමිණ තිබූ බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
මෙම රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා ආගමික දේශන පැවැත්වූ පුද්ගලයෙකු ද වන අතර ඔහු පැවැත්වූ දේශන ඇතුළත් වීඩියෝ පට ද ෆේස්බුක් සමාජ ජාලයට නිකුත් කර තිබෙනවා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිශ්චිත හේතුවෙන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මූල්‍යමය ගැටලුවක් මෙම සිදුවීමට බලපාන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ.