මිහිදන් කළ තරුණියකගේ මළ සිරුරක් යළිත් ගොඩට ඇවිත් - ගමක්ම බිය වැද්දූ මෙරටින් ඇසෙන බිහිසුණු පුවත...

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jan 07, 2024 12:41 PM GMT
Report

බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් අවසන් කටයුතු සිදුකළ තරුණියකගේ මළ සිරුරක් අභිරහස් ලෙස නැවත ගොඩගෙන තිබූ පුවතක් වාර්තා වෙයි.

මෙම සිදුවීම වාර්තා වන්නේ බණ්ඩාරවෙල බදුලුගස්තැන්න ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයේ පසුගිය බදාදා දිනයේ පදිංචිව සිටි 25 හැවිරිදි වියේ පසුවූ තරුණියක් රෝගී තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

අනතුරුව නිවැසියන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් ඊට පසුදින බ්‍රහස්පතින්දා එම තරුණියගේ සිරුර මිහිදන් කර ඇත. පසුව එම තරුණියගේ දානමය පිංකම පිළිබඳව අද අලුයම තරුණියගේ පියා අසල්වැසි නිවසකට දැනුම්දීමට යාමේදී ඇයව මිහිදන් කර තිබූ සොහොන වෙත ගොස් ඇත.

මිහිදන් කළ තරුණියකගේ මළ සිරුරක් යළිත් ගොඩට ඇවිත් - ගමක්ම බිය වැද්දූ මෙරටින් ඇසෙන බිහිසුණු පුවත... | A Dead Body Of A Woman Who Was Buried Resurfaced

එහිදී දැක ඇත්තේ හදවත් කම්පාකරවන දර්ශනයකි. මීට දින කිහිපයකට පෙර මිහිදන් කර තිබූ සිය දියණියගේ මළ සිරුර ගොඩට ගෙන තිබෙනු දුටු තරුණියගේ පියා මේ පිළිබඳව අසල්වාසීන් දැනුවත් කර ඇත.

ඒ අනුව බණ්ඩාරවෙල පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් සැලවීමත් සමගම මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ දක්වා සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලට අනුව පොලීසිය සැකපළ කරන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් එම මළ සිරුර ගොඩගෙන දූෂණය කරන්නට ඇති බවටය.

එසේම ඒ සඳහා සැකකරු විසින් මිහිදන් කර තිබූ තරුණියගේ සිරුර ගොඩගැනීමට වලේ පස් ඉවත් කිරීමට අසල්වැසි නිවසක ජල ටැංකියක පියනක් සහ එම නිවසේ තිබූ සවලක් භාවිත කර ඇත.

ගොඩට ගෙන තිබූ මළ සිරුර බණ්ඩාරවෙල අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ පරීක්ෂාවෙන් අනතුරුව බණ්ඩාරවෙල වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂාවට ලක්කර ඇත. අනතුරුව දේහය එම ස්ථානයේම නැවත මිහිදන් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Sponsored By Sarrita Jewellery

මිහිදන් කළ තරුණියකගේ මළ සිරුරක් යළිත් ගොඩට ඇවිත් - ගමක්ම බිය වැද්දූ මෙරටින් ඇසෙන බිහිසුණු පුවත... | A Dead Body Of A Woman Who Was Buried Resurfaced