ලංගම බසයකින් කිලෝ 100ක් අල්ලයි - කවුරුත් පුදුම කළ සිදුවීම..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Crime
By Sewvandhi
පොලීසිය විසින්, ලංගම බස් රථයක ප්‍රවාහනය කරමින් තිබූ දඩ මස් කිලෝ 100ක් සොයාගෙන තිබේ.
මෙම දඩමස් සොයාගෙන ඇත්තේ, ඉඳුරුව හබක්ගල මංසන්ධියේ ගාලු පාරේ සිදුකළ හදිසි රථවාහන පරීක්ෂා කිරීමකදී කතරගම කොළඹ ලංගම බස් රථයක පසුපස මගී ගමන් මලු අසුරණ ස්ථානයේ තිබීය.
එහිදී පොලීසිය විසින්, අදාළ පාර්සල් සඳහා අයිතිකරුවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම විශේෂ සෝදිසි කිරීම කොස්ගොඩ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන සෝදිසි හා බෝම්බ නිෂ්ක්‍රීය එක්ව සිදුකර ඇත.
මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ අම්බලන්තොට ඩිපෝවට අනුයුක්ත ලංගම බස් රථයකි.
Sponsored By Sarrita Jewellery