ගණේමුල්ලේදී අපරාධකරුවෙක් ජීවිතක්ෂයට. - (VIDEO)
ඊයේ (20) රාත්රී ගණේමුල්ල ප්රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, පසුගිය 09 වන දින ජා-ඇළ, දඬුගම බස්වත්ත ප්රදේශයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු බවයි වාර්තා වන්නේ.
28 හැවිරිදි සැකකරු ඇහැළියගොඩ ප්රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර ඔහු හමුදා සේවයෙන් පළා ආ අයෙක් බව ද සඳහන්.
පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (20) රාත්රී ගණේමුල්ල සුමේධ මාවත ප්රදේශයේ, නිවසක් වටලා පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.
එම අවස්ථාවේ සැකකරු විසින් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් වෙත වෙඩි ප්රහාරයක් එල්ල කිරීමත් සමඟ දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇත.
එහිදී සැකකරු සහ විශේෂ කාර්යය බළකා නිලධාරියෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී සැකකරු මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.