හෙදියක් කළ අපරාධයක් .- අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න. - (PHOTO)

Crime Death
By Wayomi Apr 17, 2024 03:45 PM GMT
Report

රෝගී තත්ත්වයෙන් පෙළුණු සිය සැමියා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් හිටපු හෙදියක් වරදකාරිය කිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය තීරණය කර තිබෙනවා.

මෙම චෝදනාවට වරදකරු වී ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවන හිටපු හෙද නිලධාරිනියක්.

අදාළ සැකකාර කාන්තාවගේ සැමියා ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් සිට ඇති අතර 2021 වර්ෂයේදී රෝහල තුළදී ඇය සිය සැමියාට එන්නතක් ශරීරගත කිරීම හරහා මෙම ඝාතනය සිදුකිරීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ වෙතත් එම උත්සාහයෙන් අදාළ පුද්ගලයාගේ දිවි බේරුණු නමුත් ඊට මාස කිහිපයකට පසුව එම කාන්තාවගේ සැමියා මියගොස් තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැය 8කට ආසන්න කාලයක් ජූරි සභාව සාකච්ඡාවක නිරතවීමෙන් පසුව එම කාන්තාව වැරදිකරු බවට පත්කර ඇති අතර මිනී මැරීමේ චෝදනාව යටතේ වරදකරු වන තැනැත්තෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදිය හැකියි. 


Gallery