ඉන්දියාවේදී ක්‍රිකට් පන්දුවක් රහස් ප්‍රදේශයේ වැදී මිය ගිය අවාසනාවන්ත සිදුවීම මෙන්න.(PHOTOS)

Cricket India Accident Death
By Aruna May 07, 2024 02:26 AM GMT
Report

ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පන්දුවක් වැදීමෙන් දරුවෙකු මියගිය අවාසනාවන්ත පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

පූනේහි ලොහේගෝන් ප්‍රදේශයේ මිතුරන් සමඟ ක්‍රීඩා කරමින් සිටි 11 හැවිරිදි ශව්ර්යා කාලිදාසන් නම් පිරිමි දරුවෙක්, මෙලෙස මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

මල්ලවපොර ශූරයෙකු වීමට සිහින දැක්ක ශව්ර්යා, ඉකුත් බ්‍රහස්පතින්දා (මැයි 02) රාත්‍රී 9.00ට පමණ ලොහේගෝන් හි ජගත්ගුරු ක්‍රීඩා ඇකඩමි ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිතර වී තිබෙන බවයි වාර්තා වුණේ.

මෙය දිවාරාත්‍රී දෙකෙහිම ක්‍රීඩාකළ හැකි ක්‍රීඩාංගණයක් ලෙසයි සැලකෙන්නේ. එහිදී ශව්ර්යා යොමුකළ පන්දුවකට එවෙලෙහි පන්දුවට පහරදෙමින් සිටි අය එල්ල කළ පහර, ශව්ර්යාගේම රහස් ප්‍රදේශයේ වැදී තිබේ.

ඒ හේතුවෙන් ඔහු බිම ඇඳවැටී ඇති අතර, වහාම ළඟම පිහිටි පෞද්ගලික රෝහලකට ගෙනගොස් ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත්, ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවයි, එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

GalleryGallery