දෙයියනේ.. තාත්තෙක්ට හිතන්නවත් පුලුවන් ද?. බිරිඳට අමානුෂිකව පහර දී දැරියව දූෂණය කළ නීතිය දන්න පොලිස් තාත්තා..
Sri Lanka Police
Anuradhapura
Sexual harassment
Inspector General of Police
Latest Headlines
By krishani
තම බිරිඳට පහර දී වයස අවුරුදු දහතුනක දියණිය දුෂණය කළ පොලිස් කොස්තාපල්වරයෙක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් අදාළ කොස්තාපල්වරයාව ඊයේ (27) අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 38ක අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඒ සම්බන්ධයෙන් මේ වන විට රැඳවුම් නියෝග ලබා ගනිමින් ප්‍රශ්න කර ගෙන යන බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.