මෙහෙම දෙයක් නම් හීනෙකින්වත් හිතන්න බෑ - යුවලක් මාස 06ක් තිස්සේ වැසිකිළි වතුර බීලා.. අන්තිමට ඒ දෙන්නට පුදුම හිතෙන දෙයක් වෙලා.. (PHOTOS)

China Water Latest Headlines
By krishani Dec 08, 2023 06:19 PM GMT
krishani

krishani

in චීනය
Report

යුවළක් අහම්බයකින් මාස හයක් තිස්සේ වැසිකිළි වතුර පානය කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ඒ චීනයේ Beijing නුවරින් ය.

මෙහෙම දෙයක් නම් හීනෙකින්වත් හිතන්න බෑ - යුවලක් මාස 06ක් තිස්සේ වැසිකිළි වතුර බීලා.. අන්තිමට ඒ දෙන්නට පුදුම හිතෙන දෙයක් වෙලා.. (PHOTOS) | A Chinese Couple Drank Toilet Water For Six Months

මොවුන් දෙදෙනා Beijingහි ඔවුන්ගේ නව මහල් නිවාසයේ රැදී සිට ඇත.

ඒ කාලයේදී ඔවුන් විවිධ වූ සෞඛ්‍යමය ගැටලුවලට මුහුණ දී තිබෙනවා.

එම යුවළෙහි Tan නම් පිරිමි පුද්ගලයා හිසකෙස් යාමේ ගැටලුවට මුහුණ දී ඇත.

මාස කිහිපයක් තිස්සේ ඔවුන්ගේ ජල බිල්පතද නොගෙවා ඇති අතර ජල පහසුකම් ඔවුන්ට ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට ගැටලුවක් නැගී ඇත.

ඒ ගැන ඔවුන් සැක කර ඇත්තේ නිවසේ ජල නල ගැටළුක් ඇති බවටයි.

මෙහෙම දෙයක් නම් හීනෙකින්වත් හිතන්න බෑ - යුවලක් මාස 06ක් තිස්සේ වැසිකිළි වතුර බීලා.. අන්තිමට ඒ දෙන්නට පුදුම හිතෙන දෙයක් වෙලා.. (PHOTOS) | A Chinese Couple Drank Toilet Water For Six Months

ඒ අනුව, ඔවුන් මහල් නිවාසයේ ජල නල පද්ධතිය පරික්ෂා කිරීමට යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ ජලනල කාර්මිකයෙකු ලවා පරික්ෂා කරවමින් ය.

එහිදී අණාවරණය වී ඇත්තේ නිවසේ ප්‍රධාන පයිප්පය නාන කාමරයේ වැසිකිළි නළයට සම්බන්ධ වී ඇති බවයි.

එමගින් මහල් නිවාසයේ සියලුම ජලය අපිරිසිදු වී ඇති අතර මේ හේතුවෙන් මෙම අදාළ යුවළ නොදැනුවත්ව මාස හයක් පුරා පරිභෝජනය කර ඇත්තේ වැසිකිළි පයිප්පය හරහා ගලා ගිය ජලයයි.

ඒ අනුව එහිදී ජලනල කාර්මිකයා විසින් වහාම ක්‍රියාත්මක වී ගැටලුව විසඳීමට කටයුතු කර තිබෙනවා.

මෙහෙම දෙයක් නම් හීනෙකින්වත් හිතන්න බෑ - යුවලක් මාස 06ක් තිස්සේ වැසිකිළි වතුර බීලා.. අන්තිමට ඒ දෙන්නට පුදුම හිතෙන දෙයක් වෙලා.. (PHOTOS) | A Chinese Couple Drank Toilet Water For Six Months

නමුත් අවාසනාවට මෙම යුවළට දීර්ඝ කාලීනව සෞඛ්‍යමය ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, මේ යුවළ දැනටමත් ප්‍රතිකාර ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

මොවුන් නිවසේ හිමිකරුගෙන් මූල්‍ය වන්දියක් ද ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.