ලොවක් හඬවමින්, ගැඹුරු කුහරයේ සිර වූ දරුවා මෙලොව හැරයයි ..(VIDEO)

Vietnam
By Sewvandhi Jan 04, 2023 05:42 PM GMT
Report

වියට්නාමයේ වැඩබිමක කොන්ක්‍රීට් පිරවීම සඳහා සකසා තිබූ කුහරයක් වෙත දරුවෙකු ඇද වැටුණු පුවතක් පසුගිය දෙසැම්බර් 31 වනදා විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 මේ වනවිට විදෙස් මාධ්‍ය විසින් එරට බලධාරීන් උපුටා දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එම දරුවා මියගොස් ඇති බවය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 10ක දරුවෙකි.

තායි ලී හෝ නාම් නමැති මෙම දරුවා සිය මිතුරන් සමග පසුගිය දෙසැම්බර් මස 31වැනිදා මෙම වැඩබිමට පැමිණ ඇත්තේ ඉවතලන ලෝහ කැබලි එක් රැස් කිරීම සඳහාය.

එහිදී දරුවා එහි තිබූ අඩි 35ක් ගැඹුරැති,සෙන්ටිමීටර් 25ක් පමණක් පළලකින් යුක්ත වූ කොන්ක්‍රීට් පිරවීම සඳහා සකසා තිබූ කුහරයක් වෙත ඇද වැටී තිබේ අනතුරින් පැය භාගයක් තුළ මුදගැනීමේ කණ්ඩායම් එහි පැමිණ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කුහරය වඩාත් පටුවීම හේතුවෙන්, දරුවා මුදාගැනීම අපහසු වුවද මුදා ගැනීමේ කණ්ඩායම් දරුවාගේ දිවි බේරාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරූ බවද එම මාධ්‍ය වාර්තා කර තිබුණි. දරුවා අනතුරට ලක්වන අවස්ථාවේ CCTV දර්ශන පෙළක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now