විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙනසක්.

Government Of Sri Lanka
By Wayomi Jan 24, 2023 03:48 AM GMT
Report

නූතන ලෝකයට ගැළපෙන අන්දමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය විධිමත් කිරීමට පියවර රැසක් ගනිමින් සිටින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කරනවා.

පසුගිය දා රජරට විශ්වවිද්‍යාලයේ දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් මේ බව කියා සිටියා.

විශ්වවිද්‍යාලයන් හි විවිධ පීඨ සම්බන්ධ කරමින් පාඨමාලා ආරම්භ කීරීම තවමත් සිදුව නොමැතිකම විශාල අඩුවක් බවත් එසේ සිදුකරන්නේ නම් රැකියා වෙළදපොළට ගැළපෙන අන්දමේ උපාධිධාරීන් රටට එකතු කිරීමේ හැකියාව පවතින බවත් ඔහු එහිදී පෙන්වා දුන්නා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW