පැය 3න් කොළඹ - මාතර දුවන බස් රථ නතර වෙයි. - හේතුව මෙන්න.
Srilanka Bus
By Wayomi
කොළඹ - මාතර දක්වා පැය දෙකකින් තුනකින් ලගාවිය හැකි පරිදි ආරම්භ කළ අධිසුඛෝපභෝගී අධිවේගී පුද්ගලික බස් රථ සේවය අත්හිටුවා තිබෙනවා.
ජනතාව චෝදනා කරන්නේ, ප්‍රවාහන ඇමතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් ආරම්භ කළ මෙම සේවය අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතරතුර කිසියම් පාර්ශවයක උවමනාවක් මත එය නවතා ඇති බවයි.
කොළඹ සිට මාතර දක්වා අධිවේගී බස් ධාවනය කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පලෙන් ගමන් අරඹා බොරැල්ල බත්තරමුල්ල, පන්නිපිටිය, කොට්ටාව ඔස්සේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයටත් ඒ ඔස්සේ මාතර දක්වාත් ධාවනය වූයේ පැය තුනහමාරකිනි.
බස් රථ තුනක් නියමු ව්‍යාපෘතියක් ලෙස ධාවනය ආරම්භ කළ මෙම බස්රථ සේවයෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල්වල කාර්ය මණ්ඩල මෙන්ම බොහෝ කාර්යාල මගීන් ප්‍රවාහන පහසුකම් ගත් බවයි වාර්තා වන්නේ.