හිමිවරු දෙනමකට අමානුෂිකව පහරදීමක්.
පුත්තලමේ විහාරස්ථානයක ආරම්භයේ සිට වැඩ වාසය කළ හිමිනමකට හා තවත් හිමිනමකට අමානුෂික පහරදීමක් සිදුව තිබෙනවා.
දායක සභාවේ පිරිසක් විසින් මෙම පහරදීම සිදු කර ඇති අතර එම භික්ෂූන් වහන්සේලා බරපතල තුවාල හා අස්ථි බිදිමකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පුත්තලම මුලස්ථාන පොලිසිය සඳහන් කළේ.
මෙම විහාරස්ථානය වසරකට පෙර ආරම්භ කර ඇති අතර එහි ආරම්භයෙ සිට යම් යම් හිරි හැර මැද මෙම භික්ෂුන්වහන්සේලා එහි වැඩවාසය කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් දායක සභාවේ පිරිසක් අතර දිගින් දිගටම ඇතිව තිබු ආරවුලක් මත මෙම අමානුෂීක පහරදීම සිදුව ඇත.
පසුගිය දිනවල මෙම ආරවුල හේතුවෙන් අදාල හිමියන් හම්බන්තොට ගොස් නැවත විහාරස්ථානයට පැමිනි අවස්ථාවේදි එම හිමියන් රැදි සිටි ගොඩනැගිල්ලේ දොර අගුලු කඩා උන් වහන්සේට අයත් දෑ සොරකම් කර තිබු බව ද සඳහන්.
අනතුරුව ඒ බව පුත්තලම මුලස්ථාන පොලිසියට ගොස් පැමිණිලි කර නැවත මෙම විහාරස්ථානයට පැමිණ සිටියදී කඩා වැදුණ දායක සභාවේ පියකු හා පුතෙකු ඇතුළු පිරිසක් හික්ෂුන් වහන්සේට ඉතා අමානුෂීක පහරදී සිවුරු ගලවා දමා තිබෙනවා.
පොලිසිය විසින් මෙම පහර දීමට සම්බන්ධ 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.