කුඩා දරුවෙකු භූගත කුහරයකට ඇදවැටී සිරවෙයි - දැවැන්ත පුදා ගැනීමේ මෙහෙයුමක් (VIDEO)
Thailand
By Sithumi
තවත් 10 හැවිරිදි කුඩා දරුවෙකු ගැඹුරු භූගත කුහරයකට ඇද වැටී එහි සිර වීමේ පුවතක් වියට්නාමයෙන් වාර්තා වනවා.තායි ලී හෝ නාම් නමැති මෙම දරුවා සිය මිතුරන් සමග පසුගිය දෙසැම්බර් මස 31වැනිදා මෙම වැඩබිමට පැමිණ ඇත්තේ ඉවතලන ලෝහ කැබලි එක් රැස් කිරීම සඳහාය.
එහිදී දරුවා එහි තිබූ අඩි 35ක් ගැඹුරැති,සෙන්ටිමීටර් 25ක් පමණක් පළලකින් යුක්ත වූ කොන්ක්‍රීට් පිරවීම සඳහා සකසා තිබූ කුහරයක් වෙත ඇද වැටී තිබේ.
අනතුරින් පැය භාගයක් තුළ මුදගැනීමේ කණ්ඩායම් එහි පැමිණ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහෙත් වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ කුහරය වඩාත් පටුවීම හේතුවෙන්, දරුවා මුදාගැනීම අපහසු වී ඇති බවය. දරුවාගේ තත්ත්වය මේ දක්වා යහපත් බව වාර්තා වන අතර මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.
වීඩියෝ දර්ශන විදෙස් මාධ්‍ය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |