පිරිසකට රට යන එක වහාම තහනම් කරයි..
Kurunegala
Latest Headlines
Decision Making
By krishani
ජනතා මුදල් රුපියල් කෝටි දාහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන කුරුණෑගල "රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්" (Ride to Three Freedom) නොහොත් R3F පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට විදෙස් ගමන් තහනම් කර තිබෙනවා.
ඒ ඊයේ (22) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම නියෝගය ලබා දී ඇත.
එමෙන්ම, මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ දුරකථන දත්ත වාර්තා වහාම කැඳවන ලෙසට ද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට නියෝගය කර තිබෙනවා.