මවගේ ඇකයේ කිරි උරා බිවූ බිලිඳිය අවසන් ගමන් යැවූ කොස් ගෙඩිය..!

Galle Sri Lanka
By Sewvandhi Jun 09, 2023 08:50 AM GMT
Report

දරුවාට කිරි දෙන්නට කොස් ගසක සෙවණක් සොයා ගිය මවකගේ උරහිසට කොස් ගෙඩියක් කඩා වැටී ඇකයේ සිටි දරුවා මියගොස් ඇති පුවතක් ගාල්ල අංකොක්කාවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුද්දයි මසක් වයසැති කුඩා ගැහැනු දරුවෙක්.

ගාල්ල අංකොක්කාවල, පෙරේරා මාවතේ පදිංචි මවුපියන් ඥාති නිවෙසක අවමඟුල් උත්සවයකට සහභාගි වී තිබෙනවා. එහිදී නිවෙස තුළ තිබුන තදබදය නිසාවෙන් මව දරුවා සමඟ එළියට පැමිණ කොස් ගසක් යට සෙවණක හිඳගෙන දරුවාට මවුකිරි දී තිබෙනවා.

දරුවා මවුකිරි බොමින් සිටින අවස්ථාවේ ගසින් කොස් ගෙඩියක් මවගේ උරහිසට වැටී දරුවා බිමට වැටි ඇති බවත් බිමට වැටුණු දරුවාගේ සිරුර මතට එම කොස් ගෙඩිය වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව බරපතළ තත්ත්වයෙන් සිට් දරුවා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දරුවා එහිදී මියගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now