මහින්දානන්ද එක්ක ගැටුමට මැදි වූ රාජපක්ෂ ට පැය 3ක සැත්කමක්.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂගේ පාදයකට අද (4) පැය තුනහමාරක පමණ ශල්‍යකර්මයක් සිදු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
එලෙස ශල්‍යකර්මයට භාජනය කිරීමෙන් අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයට යොමු කළ බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පසුගිය (03) වෙනිදා පස්වරුවේ ජානාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති වී තිබෙනවා.
නමුත් එහිදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මැදිහත් වී එම සිදුවීම සමථයකට පත් කර ඇති අතර මන්ත්‍රී කණ්ඩාම් රැස්වීම අවසන් වී නික්ම යන අවස්ථාවේ පඩිපෙළ මතදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර යළිත්වරක් බහින් බස්වීමක් සිදුව ඇත.
එම අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් තල්ලු කිරීමට යාමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පඩිපෙළේ ඇදවැටී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කළ විමසීමකදී ඔහු කියා සිටියේ, තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග බහින්බස්වීමක් සිදුවුවද තල්ලුකිරීමට උත්සාහ නොකළ බවත්,
දෙදෙනාගේ බහින්බස්වීම දුටු ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු ඇදවැටීමට සිදු වූ බවත්ය.