වැටකෙයියා පඳුරු අසල පෙම්කෙළිය පෙම්වතුන් වීඩියෝ කර සිදු කළ අමුතුම වැඩක් මාට්ටු වෙලා..
දඩල්ල මුහුදු වෙරළ තිරයේ දී පෙම්වතුන්ගේ නිරුවත් ඡායාරුප විඩියෝකර අන්තර්ජාලයට මුදාහැරීම සිදුකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගාල්ල පොලිසිය විසින් ය
මෙලෙස අත්අඩංගුවට ගෙන අත්තේ ගාල්ල දඩල්ල ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් ය.
ඒ ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට ලැබුන තොරතුරක් අනුවයි.
එම මුහුදු වෙරල ආශ්රිතව තිබෙන වැටකෙයියා පඳුරු අසලට පැමිණෙන පෙම්වතුන් අසලට පැමිණෙන සැකකරු ඔවුන්ව ඉදිරියෙන් ඇති වැකෙයියා පඳුරු තුලට යවා ඇති බව පරීක්ෂණවල දී හෙළි වී තිබෙනවා.
පසුව පෙම්වතුන්ට රිසි සේ හැසිරිම සඳහා එම වැටකෙයියා පඳුරු තුල බංකු ද සැකකරු විසින් ගසා ඇත.
අනතුරුව එම ස්ථානවලට ගොස් ඇතැම් පෙම්වතුන් ලිංගිකව හැසිරෙන අයුරු සැකකරු විසින් හොර රහසේ විඩියෝ කර තිබෙනවා.
එම වීඩියෝ දර්ශන සැකකරු විසින් අන්තර්ජාලයට මුදා හැරිම සහ මුදලට විකිණිම සිදුකර ඇත.
මේ වන විට එවැනි විඩියෝ හැත්තෑ පහකට අධික ප්රමාණයක් සැකකරු විසින් අන්තර් ජාලයට මුදාහැර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මෙවැනි ආකාරයේ ස්ථාන හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙසට පොලිස්පතිවරයා විසින් උසස් නිළධාරීන් වෙත පවසා ඇති බව වාර්තා විය.