කළුතර - නාගස් හන්දියේදී සුඛෝපභෝගී බස් රථයකට පහරදුන් සැකකරුවන් 6ක් අත්අඩංගුවට
Srilanka Bus
Latest Headlines
Sinhala news
Arrest
By R.rishma
කළුතර - කොළඹ ප්රධාන මාර්ගයේ නාගස් හන්දිය ප්රදේශයේදී යතුරුපැදිවලින් පැමිණ සුඛෝපභෝගී බස් රථයක් හරස්කර රියදුරුට සහ කොන්දස්තරවරයාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු කළුතර උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මෙම පහරදීම සඳහා පැමිණි යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව සහ මොරොන්තුඩුව යන ප්රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කළුතර උතුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.