සිසුන් හය දෙනෙක් මුහුදු රළ පහරට ගසාගෙන යයි..!
Galle
Sri Lanka
By Sewvandhi
අද (10) හවස් වරුවේ ගාල්ල, හබරාදුව තල්පේ මුහුදේ දියනාමින් සිටි සිසුන් හය දෙනෙක් මුහුදු රළ පහරට හසුවී ගසාගෙන ගොස් තිබුණි.
ඉන් සිසුන් 5 දෙනෙක්ව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව බේරාගෙන ඇති අතර එක සිසුවෙක් අතුරුදන්ව තිබුණි.
දියේ ගිලී අතුරුදන්වී ඇති සිසුවා කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි අයෙකි.
කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පන්තියක් මගින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් සඳහා පැමිණ සිටි සිසු සිසුවියන් පිරිසක් තල්පේ මුහුදුතීරයේ දී එම සිද්ධියට මුහුණදී තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |