ගුරුවරියන් 6ක් හදිස්සියේම රෝහල් ගත කෙරේ.

Hospitals in Sri Lanka Sri lanka tea
By Wayomi Mar 07, 2024 11:21 AM GMT
Report

හදිස්සියේ ඇති වූ යම් රෝගී තත්වයක් හේතුවෙන් පානදුර පාසලක ගුරුවරියන්6දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

මෙම ගුරුවරියන් පිරිස අද විවේක කාලයේ තේ පානය කර ඇති අතර , පසුව යම් ආසාද්මිකතාවක් ඇති වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

අසනීප වූ ගුරුවරියන් 6දෙනා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔවුන් කලාන්තය , වමනය සහ හිස කැරකැවිල්ල යන රෝග ලක්ෂණ වලින් පෙලෙන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.