පස් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි කළ අනාරක්ෂිත ළිද..!

Galle Sri Lanka Police Investigation
By Sewvandhi Feb 13, 2023 02:09 PM GMT
Report

 ගාල්ල, කරන්දෙණිය - මහගොඩ ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත ලිඳකට වැටීමෙන් පස් හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් ඇත. මව මෙන්ම පියා ද නිවසේ සිටි අවස්ථාවකදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

දරුවා නිවසේ නොමැති බැවින් දෙමාපියන් සිදුකළ සොයාබැලීමේදීයි යාබද ඉඩමේ අනාරක්ෂිත ළිඳ තුළට දරුවා වැටී ඇති බවට අනාවරණ වී ඇත්තේ.

දෙමාපියන් විසින් දරුවා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණ ද ඒ වනවිටත් දරුවා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now