40 - 20 කරලා 20 - 40 කරපු විභාගයේ ප්‍රතිඵලය. - නාමලේඛනය කොමිසමට යයි.

Government Of Sri Lanka
By Gagana Apr 12, 2024 08:50 AM GMT
Report

රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්, පසුගිය වසරේ පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත විදේශ සේවයට බඳවා ගැනීමට නියමිතව සිටි 40 දෙනාගේ ම නාමලේඛනය ලබා ගෙන තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිසන් සභාව ඉන් 20 දෙනෙකුගේ නම් තෝරා නාමලේඛන ලබා දෙන මෙන් වාචික ව කළ ඉල්ලීම විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතික්ෂේප කර තිබුණු අතර , විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියේ එය ලිඛිත ව ලබා දෙන ලෙස ය.

දෙපාර්තමේන්තුව එය ප්‍රතික්ෂේප කර ඇත්තේ විසි දෙනකුගේ ප්‍රතිඵල පමණක් ලබා දීම හේතුවෙනි. මන් ද, ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ හතළිස් දෙනෙක් බඳවා ගන්නා බව පවසමින්.

එබැවින්, හතළිස් දෙනෙක් බඳවා ගැනීම සඳහා ගෙන තිබූ තීරණය වෙනස් කර දේශපාලන හෝ වෙනත් හිතවත්කම් මත විසි දෙනෙක් බඳවා ගැනීමට සූදානමක් පවතින බවට අයදුම්කරුවෝ ද සැකපළ කරනවා.

ඔවුන් කියා සිටියේ ගැසට් නිවේදනය අනුව සුදුස්සන් බඳවා නොගන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ය.