පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 40ක් 03න් පැත්තකට පනින්න සූදානමක්..
                                    
                    United National Party
                
                                                
                    Anura Kumara Dissanayaka
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Samagi Jana Balawegaya
                
                                                
                    Political Development
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් තම දේශපාලන ස්ථාවරයන් වෙනස් කරමින් පිල් මාරු සඳහා සූදානමකින් සිටින බව වාර්තා වනවා.
ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන් ඒ අතර ප්‍රධාන පක්ෂවල තනතුරු දරන 15 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවත් එම පිරිස අතර සිටින බවයි වාර්තා වන්නේ.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට සූදානමින් සිටිද්දී ආණ්ඩුව නියෝජනය කරන තවත් මන්ත්‍රීන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමටද සූදානමක සිටින බව ද පැවසේ.
මේ අතර, තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජාතික ජන බලවේගය සඳහා සහාය දීමටද සූදානමකින් පසුවන බව වාර්තා වේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ, මෙම මෙම පිරිස දැනටමත් ඒ පිළිබඳ සාකච්ඡා වෙමින් සිටින අතර අදාළ පියවරයන් මැතිවරණය කැඳවීමෙන් පසුව ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    