ජනතා බදු මුදලින් මෙච්චර වෙනසක්.? - ලංවිම ලොක්කෙකුට 30කට වැඩි අධි සුඛෝපභෝගී නිවාස.
ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු සතුව අධි සුඛෝපභෝගී නිවාස 35ක් සහ කිලෝ වෝල්ට් 63.5 ධාරිතාවෙන් යුත් සූර්ය පැනල පද්ධතියක් පවතින බවයි ආරංචි මාර්ග වාර්තා වන්නේ.
ඉන් එක් අයෙක් අතිරේක සාමාන්‍යාධිකාරිවරයා බස්නාහිර පළාතේ එක් ප්‍රදේශයක ප්‍රධාන භූමිකාවක් ඉටුකරන අයකු බවත්, ඔහුට මෙවැනි අධි සුඛෝපභෝගී නිවාස කොම්පඤ්ඤවීදිය, කුරුණෑගල සහ රත්මලාන යන ප්‍රදේශවල පවතින බවත් සඳහන්.
එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය භාවිතා කරන එක්තරා ගොඩනැඟිල්ලක අයිතිය ද ඔහු සතුවන බවත් එය තෙවන පාර්ශ්වයක් ලවා මණ්ඩලය වෙත ලබාදී ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ තොරතුරු කළමනාකරණ පද්ධතිය තුළ මෙම තොරතුරු ඇතුළත් අතර එහි එම අතිරේක සාමාන්‍යාධිකාරිවරයාගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංක, ගිණුම් අංක ඇතුළු සියලු තොරතුරු ඇතුළත්ය.
විදුලිබල මණ්ඩල පවසන්නේ, රාජ්‍ය සේවය තුළ ඒ සා විශාල ධනයක් උපයා ගත ඇති ආකාරය ප්‍රශ්නයක් බවයි.