අදත් ශ්‍රී ලංකන් ගුවන් යානා 3ක් අවලංගුයි. - වැඩි විස්තර පහතින්.

SriLankan Airlines Bandaranaike International Airport
By Wayomi Feb 28, 2024 05:59 AM GMT
Report

අදත් උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානා 3ක් අවලංගු කර තිබෙනවා.

ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දැක්වුණේ කටුනායක සිට අද අළුයම 12. 25ට මලයාසියාවේ ක්වාලම්පූර් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ එම්. එච්. 178 දරණ යානයත්, ඉන්දියාවේ හයිද්රාබාද් දක්වා උදෑසන 7.25ට පිටත් වීමට නියමිතව තිබූ යූ එල් 177 දරණ යානයත් මෙලෙස අවලංගු කර ඇති බවයි.

මේ අතර නේපාලයේ කත්මණ්ඩු දක්වා උදෑසන 8.55ට පියාසර කිරීමට නියමිතව තිබූ යූ එල් 181 දරණ යානයද අවලංගු කර ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේත් ගුවන් ගමන් වාර 7ක් අවලංගු කරනු ලැබූ අතර මේ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් දැඩි දුෂ්කරතාවකට පත්වුණා.

මෙම ප්‍රමාදයන් හේතුවෙන් වන්දනා චාරිකාවක නිරත වූ මෙරට ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් ද තායිලන්තයේ අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගුවන් යානා ප්‍රමාදවීම ඇතුළුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවතින ගැටලු‍කාරී තත්ත්වය නිරවුල් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බවයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය කියා සිටියේ.