ගමක් හඩවමින් පාසල් සිසුවියන් දෙදෙනෙක් හා සිසුවෙක් අවසන් ගමන් යයි..!

Kalutara Sri Lanka Police Investigation Accident Sri Lankan Schools School Incident
By Sewvandhi Jan 14, 2024 11:58 PM GMT
Report

කළුතරදී කළුගඟේ දිය නැමට ගිය 15 සහ16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියන් දෙදෙනෙකු සහ 17 හැවිරිදි සිසුවෙකු දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

ඔවුන් මෙම අනතුරට මුහුණපා තිබෙන්නෙ, උපන්දින සැමරුමක් සඳහා එහි ගොස් දිය නාමින් සිටියදී  ය.

ය්වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කළුගඟේ අද පස්වරුවේ දිය නාමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවටය.

මෙලෙස මියගියේ කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචිව සිටී ඉවංගී මධුහාෂිනි, දොඩංගොඩ නැවිලියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කිවිඳු සත්සර සහ දොඩංගොඩ රතුකුරුස නිවාසහී පදිංචිව සිටී සුභානී සුපේෂලා නැමැති පාසැල් සිසුසිසුවියන් තිදෙනෙකි.

අනාවරණය වී ඇත්තේ,. එක් සිසුවියකගේ මවගේ උපන්දිනය අදට යෙදී තිබී ඇති අතර, මියගිය සිසුවියන් දෙදෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි අය බවයි.ඒ නිමිත්තෙන් ඔවුන් කැළිඩෝ වෙරළ තීරයට පැමිණ තිබුණි.

පළමුව මුහුදේ දියනාමින් සිටි ඔවුන් එක් සිසුවියකගේ ඉල්ලිම පරිදි කළුගගේ කලපුවට ගොස් තිබුණි. එහිදී ඔවුන් දියේ ගිලී ඇති අතර, ඔවුන් ගොඩගෙන සුව සැරිය ගිලන් රථයකින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන යද්දී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෘතදේහ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත්කර ඇති අතර කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරයි.

Sponsored By Sarrita Jewellery

ගමක් හඩවමින් පාසල් සිසුවියන් දෙදෙනෙක් හා සිසුවෙක් අවසන් ගමන් යයි..! | 3 School Children Drowning Kalutara