ඉඩ්ලි රෙසිපි 3ක්. ගෙදරදීම හදලා රස බලන්න.
දමිළ ජනතාව අතර විශේෂයෙන්ම ඉන්දියාවේ හරි ජනප්‍රිය කෑමක් තමයි ඉඩ්ලි කියන්නේ. ඉතින් ඔන්න අද ඔයාලාට දෙන්න හදන්නේ රසම රස ඒ වගේම ගුණ ඉඩ්ලි රෙසිපි 3ක්.
01. පුන්ඩි – රයිස් බෝල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
? තෙල් ස්වල්පයක්
?උළුහාල් තේ හැඳි 1
? කෑලිමිරිස් තේ හැඳි 2
? කරපිංචා ස්වල්පයක්
?ගෙදර කොටාගත් හාල්පිටි කෝප්ප 1 (කප්පි සමඟ)
? ලුණු
? ගාගත් පොල් කෝප්ප 1/4
? උණුවතුර කෝප්ප 3
සාදාගන්න ආකාරය
? පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වුණාම අබ ටික දාගන්න.
? මේකට උළුහාල්, කෑලිමිරිස් හා කරපිංචා දාලා බැදෙන්න අරින්න.
? ටිකකින් හාල්පිටි ටික දාලා රස අනුව ලුණු දාගන්න.
? පොල් ටික එකතු කරලා කලවම් කරලා උණුවතුර එකතු කරන්න.
? හොඳට හැඳි ගාලා හාල්පිටි වලට වතුර උරාගත්තට පස්සෙ මිශ්‍රණය එකට ඇලෙන ගතියට එනවා. ඒ වෙලාවෙදි ලිපෙන් බාගන්න.
? දැන් මේකෙන් බෝල හදලා යන්තම් පැතලි කරන් මැදින් උළුදු වඩේ වගේ පොඩි වලක් හදලා ස්ටීමර් එකේ දාලා පැය කාලක් ස්ටීම් කරගන්න.
02. බනානා රයිස් ඉඩ්ලි
අවශ්‍ය ද්‍රව්‍ය
? ග්‍රයින්ඩ් කරගත් බත් කෝප්ප 1/4
? කුරක්කන් පිටි හෝ රුලං කෝප්ප 1/2
? පෙති කපාගත් ලොකු කෙසෙල් ගෙඩි 1
? ගා ගත් පොල් කෝප්ප 1/4
? උණු කරගත් හකුරු කෝප්ප ¼ (අත්‍යාවශ්‍ය නැහැ)
? ලුණු
? බේකින් සෝඩා තේ හැඳි 1/2
? වතුර
? බටර් තේ හැඳි 2
සාදාගන්න ආකාරය
? බත්, කුරක්කන් හෝ රුලං, ගා ගත් පොල්, ලුණු, වතුර, බටර්, හකුරු හා අන්තිමට බේකින් සෝඩා එකතු කරන්න. හොඳින්
? කලවම් කරන් කෙසෙල් එකතු කරගෙන පොඩි කරමින් කලවම් කරන්න.
? මේක ඉතා ඝනකමට හෝ දියාරුවටත් නැති සාමාන්‍ය බැටර් එකක් වෙන්න ඕන.
? සාදාගත් මිශ්‍රණය විනාඩි 15 ක් විතර තියන්න.
? ඉඩ්ලි ස්ටීමරේ කප්ස් වලට බටර් හෝ තෙල් ටිකක් ගා ගන්න.
? ඊළඟට මිශ්‍රණයෙන් ස්වල්පය බැඟින් ගෙන කප්ස් වලට පුරවලා, විනාඩි 10ක් පමණ ස්ටීම් කරගන්න.
03. මුං ඩාල් ඉඩ්ලි
අවශ්‍ය ද්‍රව්‍ය
? මුං පරිප්පු කෝප්ප 1
? වතුර කෝප්ප 1/2
? මුදවපු කිරි හෝ යෝගට් කෝප්ප ¼
? තෙල් තේ හැඳි 2
? අබ තේ හැඳි 1/2
? සූදුරු තේ හැඳි 1
? කඩල පරිප්පු තේ හැඳි 1
? පොඩියට කපාගත් මිරිස් කරල් 2
? චොප් කර ගත් ඉඟුරු කැබැල්ලක්
? කරපිංචා ස්වල්පයක්
? චොප් කර ගත් කජු ටිකක්
? ග්‍රේට් කර ගත් කැරට් කෝප්ප 1/2
? කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
? ලුණු තේ හැඳි 1
සාදාගන්න ආකාරය
? මුං පරිප්පු හා වතුර පැය 2 ක් විතර පෙඟෙන්න තියන්න.
? ඊළඟට ඒක ස්මූත් බැටර් එකක් එන විදිහට බ්ලෙන්ඩ් කරගන්න.
? වෙනත් භාජනයකට ඒ බැටර් එක දාගෙන, එයට මුදවපු කිරි දාලා හොඳට මික්ස් කරගන්න.
? පෑන් එකක් ලිපේ තියලා තෙල් දාලා, රත් වෙන්න තියලා එයට අබ, සූදුරු, කඩල පරිප්පු, මිරිස්, ඉඟුරු, කරපිංචා හා කජු ටික දාලා හොඳට රන්වන් පැහැවන තුරු තෙම්පරාදු කරගන්න.
? ඒකට කැරට් දාලා විනාඩි 2ක් විතර නැවත තෙම්පරාදු කරගන්න.
? දැන් කලින් සදා ගත් බැටර් එකට ඒ ටික දාන්න.
? කොත්තමල්ලි කුඩු හා ලුණු දලා හොඳින් කලවම් කරන්න.
? ඉඩ්ලි ස්ටීමරේ කප්ස් වලට තෙල් ටිකක් ගා ගන්න.
? සදාගත් බැටර් එක කප්ස් වලට දාගෙන විනාඩි 15 ක් විතර ස්ටීම් කරගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |