දින නියමයක් නොමැතිව පාසල් වසා දැමීමක් ගැන ආරංචියක්..

Ministry of Education Northern Province of Sri Lanka Weather Sri Lankan Schools Education
By Aruna Dec 21, 2023 12:09 AM GMT
Report

උතුරු පළාතට ඇතිවී තිබෙන මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් පාසල් 29ක් පසුගිය දා සිට තවමත් දින නියමයක් නැතිව වසා දමා තිබෙනවා.

මේ අනුව, මුලතිවු දිස්ත්‍රික්කයේ පාසල් හතක් මෙසේ වසා දමා ඇති අතර අනෙක් පාසල් විසිදෙක අවතැන් කඳවරු ලෙස භාවිතා කිරීම නිසා වසා දමා ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටින්නේ, මුලතිවු දිත්‍රික්කයේ පාසැල් දෙකක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දෙකක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් නවයක් හා වවුනියාව දිස්ත්‍රික්කය පාසල් නවයක් මෙලෙස වසා දමා ඇති බවයි.

මේ අතර, මාතර කලාපයේ පාසල් 22 ක පමණ හිග විදුලි බිල්පත් ලක්ෂ විසිපහක් පමණ මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් විදුලි සැපයුම පසුගිය දා (19 ) සිට තාවකාලිකව විදුලිය විසන්ධි කොට ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා .

මේ අනුව, ''මාතර කලාපයේ පාසල් විසි දෙක (22) විදුලිය විසන්ධි කර තිබෙනවා.

පෙරේදා (19 ) දින හිඟ විදුලිපත් ගෙවීමට කලාප කාර්යාලයට මුදල් නොමැති වීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි හෙතෙම ප්‍රකාශ කළේ .

ඒ සදහා ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත්, මෙය සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක්. එමඟින් බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ දෙමව්පියන් ලවා විදුලි බිල්පත් ගෙවන්න.

විදුලිය ලබා ගැනීම සඳහා මෙ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි .

කණගාටුවට කරුණ තමයි මේ විදුලිය කපන අමාත්‍ය කාංචන විජේසේකර ඉන්නෙත් මාතර. එයාගේ බල ප්‍රදේශය තමයි විදුලිය විසන්ධි කරලා තියෙන්නේ.

මාතර කොටුව ජනාධිපති විද්‍යාලය, උයන්වත්ත ආදර්ශ විද්‍යාලය ,මහමායා බාලිකා විද්‍යාලය, ඇතුළු විද්‍යාලවල මේ වන විට වර්ෂ අවසානයේ නොයෙකුත් උත්සව සහ සංස්කෘතික සංදර්ශන ඇතුළු නොයෙකුත් වැඩසටහන් පැවැත්වෙනවා.

එම කටයුතු මේ වන විට අඩාල වෙලා .දැනට රටේ ජනතාවගේ ලක්ෂ හතකගේ විදුලිය විසන්ධි කරලා .

පාසල් වලට අත තියලා තියෙන්නේ කුමන්ත්‍රණකාරීව රජයේ වගකීමක් බිල්පත් ගෙවීම රජය බිල්පත් ගෙව්වෙ නැත්නම් රජයෙන් ඉල්ල ගන්නවා මිසක පාසලේ විදුලිය විසන්ධි කරලා හරියනවද .

මේ සම්බන්ධයෙන් පිළියමක් නොදුන්නොත් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්න සැරසෙනවා'' යනුවෙන් ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය.