බෝට්ටුවක් පෙරළී 28ක් ජිවිතක්ෂයට - අතුරුදන් වුවන් සොයා මෙහෙයුම් (විදෙස්)
Italy
Accident
By Sewvandhi
ඉතාලියට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී බෝට්ටුවක් පෙරළී එහි ගමන් කරමින් සිටි සංක්‍රමණිකයින් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
අද (26) දිනයේ දී දකුණු ඉතාලි වෙරළබඩ නගරයක් වන ක්‍රෝටෝන්ට ඔබ්බෙන් වූ මුහුදේ දී මෙම අනතුර සිදුව ඇත්තේ කුණාටු සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්. මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී එහි 40 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ගමන් කරමින් සිට තිබෙනවා.
මේ වනවිට දියේ ගිලී අතුරුදන් වූ මළසිරුරු 28ක් ද සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම අනතුරින් ළඳරුවෙකු ද මියගොස් ඇති අතර, තවත් තිදෙනෙකු දිය පහරට ඇදී යන ආකාරය ද ආරක්ෂක අංශ දැක තිබෙනවා.
දියේ ගිලුණු පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |