රටම කැළඹු ආන්දෝලනාත්මක රෑ 12 අවුරුදු නැකත වෙනස් වෙයි. - එළියට දැමූ අලුත්ම නැකත් සීට්ටුව මෙන්න. - (VIDEO)
පසුගිය දිනවල රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙවර සිංහල දෙමළ නැකැත් අසුබ රට පුරා දැඩි ආන්දෝලනයකට තුඩු දෙනු ලැබුවා.
ඒ, සම්බන්ධයෙන් ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය චෝදනා එල්ල කළ අතර ඒ වෙනුවෙන් ඔවුන් හඬ නැගුවා.
කෙසේ වෙතත් ජාතික නැකත් කමිටුවෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ අතර ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අද (21) විකල්ප නැකැත් රටට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ, ඔවුන් ජාතික නැකැත් කමිටුව ලෙස සංවිධානයක් පිහිටුවා ගනිමින්.
2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රී කාලයේ ඉදිරිපත් කළ නැකැත් රටට අසුබ බවට ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය අවස්ථා කිහිපයකම ප්‍රකාශ කළා.
ඒ අනුව රාත්‍රී නැකැත් වෙනුවට උදෑසන නැකැත් ඇතුළත් කරමින් විකල්ප නැකැත් සීට්ටුවක් ඔවුන් රටට අද ඉදිරිපත් කරනු ලැබුවේ, එම සංගමය නියෝජනය කරමින් ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී, ජනක මාධව නවරත්න ඇතුළු සාමාජිකයින් විසින්.
ඔවුන්ගේ අලුත් නැකත් සීට්ටුවට අනුව මෙවර අලුත් අවුරුදු උදාව 13 වනදා අපරභාග 9.05ට සිදුවන බවයි.
පුණ්‍ය කාලය හෙවත් සංක්‍රාන්ති කාලය අප්‍රේල් 13 වන දා අපරභාග 2.41 සිට අප්‍රේල් 14 වන දා අලුයම 3.29 දක්වා යෙදී ඇති අතර සාම්ප්‍රදායිකව ඉහත වේලාව පුණ්‍ය කාලය ලෙස භාවිත කළත් නිවැරදි සිද්ධාන්ත අනුව අප්‍රේල් මස 13 වන දින මධ්‍යහ්න 12.11 සිට අපරභාග 6.19 දක්වා වූ හිරු අවරට යෑම දක්වා නිවැරදිම පුණ්‍ය කාලය බව ද ජනක මාධව මහතා සඳහන් කළා.
පූණ්‍ය කාලය තුළ නිර්මාංශ, පහසුවෙන් දිරවන, කලින් සකස් කරන ලද කෙටි ආහාරයක් පහසු පරිදි ලබාගැනීමේ කිසිදු වරදක් නොමැති බව ද ඔහු පෙන්වා දෙනවා.
සංක්‍රාන්තිය රාත්‍රී කාලයේ බැවින් සුබ නැකැත් සාදනය රිසි නියම අනුව දෝෂ සහිත බැවින් සංක්‍රාන්තිය අවසන් වූ පසු අප්‍රේල් 14 වන දින සූර්ය උදාව සමඟ චාරිත්‍රානුකූලව සූර්ය මංගල්‍ය සැමරීම සුදුසු බවද ජනක වැඩිදුරටත් සඳහන් කරනවා.
ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීම අප්‍රේල් මස 14 වනදා පුර්වභාග 6.17ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකරනු මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදිනම පූර්වභාග 7.07ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී සිදුකරනු මැනවි.
සම්පූර්ණ විස්තරය පහතින්,