ලෝක සංචාරක රූ රැජින තරගයට ලංකාවට ආ රූමතියෝ...හෙට වෙන දේ බලන්න.(PHOTOS)

Sri Lanka China India World Beauty
By Aruna Jul 27, 2023 12:38 AM GMT
Report

ලෝක සංචාරක රූ රැජන 2023 තරගය හෙට (28) සහ අනිද්දා (29) වස්කඩුව සිට්‍ට්‍රස් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව වාර්තා වනවා.

මේ සඳහා රටවල් හතළිහක රූමතියන් තරග කරන අතර, ඊට සහභාගි වීමට පැමිණි රූමතියන් වෙනුවෙන් විශේෂ පිළිගැනීමක් පෙරේදා (25) හෝකන්දර දී සිදු කෙරණා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලෝක සංචාරක රූ රැජන තරගයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂිකා ආචාර්ය සහිඩා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවේ, මේ තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ප්‍රධානතම අරමුණ වූයේ ඒ හරහා මෙරට සංචාරක කර්මාන්තය වඩා විධිමත් ප්‍රවර්ධනයක් ඇති කිරීම බව පැවසුවාය.

මෙහි අවසාන තරගය අනිද්දා (29) වස්කඩුවේ සිට්ට්‍රස් හෝටල් සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ඇය වැඩිදුරටත් කියාසිටියේ, මේ ජාත්‍යන්තර මෙන්ම දේශීය ප්‍රවීණ විනිසුරුවන්ද ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ද එක් වීමට නියමිතය බවයි.

ආචාර්ය සහිඩා හෙට්ටිආරච්චි මහත්මිය තරගයට පැමිණි රූමතියන් පිළිගත් අයුරු පහත සේයාරුවෙහි දැක්වේ.

GalleryGallery