ඉන්දියාවෙන් නොමිලේ දුම්රිය එන්ජින් 20ක් ලංකාවට.
India
Sri Lanka Railways
Department of Railways
Railways
By Wayomi
දුම්රිය එන්ජින් 20 ක් නොමිලේ ලබා දීමට ඉන්දීය රජය ඉදිරිපත්ව ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර සඳහන් කළා.
එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමඟ භාවිතයෙන් ඉවත් කළ ඩීසල් එන්ජින් 20 ක් දිවයිනට ලබාදීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එලෙස ලැබෙන දුම්රිය එන්ජින් මෙරට මාර්ගවල ධාවනය කළ හැකිද යන්න පසුගියදා ඉන්දියාවට ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් පරීක්ෂා කර තිබෙනවා.
ඒ අනුව දුම්රිය එන්ජින් දෙකක් පෙබරවාරි මාසයේදි මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි ම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ.