පාසල් සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

Sri Lanka Police Ampara Sri Lanka Sri Lanka Police Investigation Sri Lankan Schools
By Sewvandhi Jun 21, 2023 03:33 PM GMT
Report

පොලීසිය විසින් අම්පාර, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලීසිය සඳහන් කළේ, සමීපව ඇසුරුකළ එම සිසුවියන් දෙදෙනා 16හැවිරිදි වියේ පසුවන බවය.

එනම් වාර්තා වන පරිදි පසුගිය 15 වනදා එක් සිසුවියක් පාසල් යන බව පවසා අනෙක් සිසුවියගේ නිවසට පැමිණ තිබේ. ඒ අනුව, එදින උදෑසන පාසල් සිසුවියන් දෙදෙනා උපකාරක පන්තියකට යන බව පවසමින් නිවසින් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

එනම්, දැරියන් දෙදෙනා යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් එක් දැරියකගේ මිත්තණිය විසින් ඉගිනියාගල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, ඉගිනියාගල පොලීසිය මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

එසේම අදාල සිසුවියන් දෙදෙනා නිවසින් පිටත් වු දිනට පසු දින ඔවුන් වෙනත් මිතුරෙකුට දුරකතන ඇමතුමක් ලබාදෙමින් තමන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ සිටින බවට ප්‍රකාශ කර ඇත.

පොලීසිය විසින් අදාළ දුරකතන ඇමතුම ඔස්සේ ද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර දුරකතන ඇමතුම ලබාදුන් මිතුරාගෙන්ද පොලීසිය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙයි.