මුහුදු රළ පහරට හසුවුණු තරුණියක් ජීවිතක්ෂයට - තවත් තරුණියක් අතුරුදන්..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 09, 2023 09:56 AM GMT
Report

අද (09) උදෑසන කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදන්ව තවත් තරුණියක් මියගොස්ඇති බව පොලීසිය පවසයි.

එහිදී තරුණියන් තිදෙනෙකු සහ තරුණයෙකු මුහුදු රළ පහරට හසුවී ගසාගෙන ගොස් ඇත. එම පිරිස අතරින් තරුණයා සහ තවත් තරුණියක් ඔවුන් සමඟ පැමිණි වෙනත් අයෙකු විසින් බේරාගැනීමට සමත්ව ඇති බව වාර්තා වනවා.

අනෙක් තරුණියන් දෙදෙනා අතරින් එක් අයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන කිරින්ද රෝහල වෙත ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පවසන්නේ අනෙක් තරුණිය දියේ ගිලී අතුරුදන්ව ඇති බවය.

මියගිය තරුණිය සහ අතුරුදන්ව ඇති තරුණිය 18 හැවිරිදි වියේ පසුවන බිබිල ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවට හෙළිවී ඇත. ඔවුන් එම ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා කිරින්ද ප්‍රදේශයට පැමිණ තිබේ.

අතුරුදන්ව ඇති තරුණිය සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර කිරින්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now