ලසන්ත ඝාතනය වී වසර 15යි. - ඝාතකයන් තවමත් නිදැල්ලේ. - (VIDEO)
CID - Sri Lanka Police
Sri Lanka Police
Journalists In Sri Lanka
Murder
By Wayomi
‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කර අද (8) දිනට වසර 15 ක් සම්පූර්ණ වෙනවා.
ඒ නිමිත්තෙන් ඔහුගේ ඥාතීන් සහ සමීපතම හිතමිතුරෝ බොරැල්ල කනත්තේ ඔහුගේ දේහය මිහිදන් කළ ස්ථානයට පැමිණෙන ගෞරව දක්වනු ලැබුවා.
කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 15 ක් ගතවුවද තවමත් ඔහුගේ ඝාතකයන් නිදැල්ලේ සිටින බවත් ඝාතනය පිළිබදව විමර්ශන භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා රට හැර ගොස් ඇති බවත් ඥාතීන් සහ හිතමිතුරන් චෝදනා කරනවා.
ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි 8 වැනිදා රත්මලාන ප්‍රදේශයේදී වෙබි තබා ඝාතනය කරනු ලැබුවා.