14 හැවිරිදි සිසුවෙක් සරසවි වරම් ලබයි..

Sri Lanka
By krishani Dec 05, 2022 06:20 AM GMT
Report

කඩවත - මාවරමංඩිය නැණමල් විදුහලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි දෙව්ම් සෙනෙහස් රණසිංහ සිසුවා විශ්වවිද්‍යාල වරම් දිනාගෙන ඇත.

ඔහු 8 වන ශ්‍රේණියේ දී අපොස සාමාන්‍ය පෙළ ලියා ඇති අතර ඉන් මාස 6කට පසුව 9 වන ශ්‍රේණියේ දී උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත.

එමගින් බී සාමාර්ථ තුනක් ලබාගැනීමට දෙව්ම් සමත් වූ අතර ඒ අනුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් ලබා ඇත.

දෙව්ම්ව පිළිගැනීමේ උත්සවයක් අද (05) දින එම විද්‍යාල භූමියේ දී පැවැත්වුණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join